අනූ හතර හැවිරිදි මේ කාන්තාව ලෝක පිහිනුම් වාර්තා කිහිපයක හිමිකාරියකි.
සිය ජීවිතයේ නම වැනි දශකය පසුකරමින් සිටියත් නෝරා රොනායි (Nora Ronai) තවමත් ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම යාමට සූදානම් නැත.
අනෙක් අතට ඇය සිය පිහිනුම් ක්‍රීඩාවට පිවිසුණේත් තරුණ වියේ දී නොවේ. ක්‍රීඩාවට පිවිසෙන විට ඇය 69 හැවිරිදි වියේ පසු වූවාය.
2014 පැවති මාස්ටර්ස් ලෝක ශූරතාවලියේදී (Masters World Championship) රන් පදක්කම් හතක් දිනාගන්නා විට ඇය අනූ වියේ පසු වූ වයෝවෘද්ධ කාන්තාවක්.
පිහිනුම් ක්‍රීඩාව ගැන ඇයගෙන් විමසූ විට “පිහිනුම් තටාකය මට සැනසිල්ලක් දෙනවා” යැයි ඇය පවසනවා.
“පිහිනීම මගින් ශාරීරිකව දැනෙන සැනසිල්ලට වඩා මානසිකව ලැබෙන සැනසිල්ල මට වටිනවා” යනුවෙන් බීබීසී යේ සියයක් කාන්තාවෝ වැඩසටහනට එක්වෙමින් නෝරා රොනායි අදහස් පළ කර තිබුණා.
“මට පීනනව කියන්නේ මනස ටිකක් රිලැක්ස් කරන්න ලස්සන වෙරළකට ආව වගේ හැඟීමක් දැනෙන දෙයක්.”
අධිෂ්ඨානය සහ අවශ්‍යතාව තිබේ නම් ඒ සඳහා කාල වෙලාව සොයා ගැනීම අපහසු කාර්යයක් නොවන බව ඇය වැඩිදුරටත් අවධාරණය කරනවා.
“යමක් කරන්න සැබෑ වුවමනාවක් තියෙනව නම් ඒකට වෙලාවක් නෑ කියන්න බෑ.”
සිය දියණියන් දෙදෙනාගේ සහාය නොවූයේ නම් තමන්ට මේ කිසිවක් කළ නොහැකි වනු ඇති බවයි 94 හැවිරිදි ජාත්‍යන්තර පිහිනුම් ශූරිය පවසන්ෙ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/Conheça-a-história-de-Nora-Rónai-atleta-de-91-anos-Norteando-Você2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/98438514_gettyimages-453216558.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/nora-ronai.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/noraronai.png”]