බොල්ගොඩ පාලම අසළ තිබී සොයාගත් කාන්තා හිස සහ සෙවණගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයෙන් සොයාගත් කඳ කොටස එකිනෙකට ගැළපේද යන්න පිළිබඳ පරික්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනවා.
පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී ඊයේ උදෑසන හිස කොටස සොයා ගත්තා. ඒ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනූවයි. ඇය විදේශ කාන්තාවක් බවට ද සැක පළවනවා.
මේ අතර සෙවණගල කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ තිබී කාන්තා කඳ කොටසක් හමුවුණා. හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනූව සෙවණගල පොලිසිය එය සොයාගත් බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.