දීපවාලි උත්සවය වෙනුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු ලබාදී තිබෙනවා. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් සමඟ කළ සාකච්ඡාවක් අනුව නිවාඩු ලබාදිමට තීරණය කළ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ.
දීපවාලි සැමරුම් හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු හින්දු බැතිමතුන් සූදානම් වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.