Life+News The Official News Portal of Independent Television Network Ltd

නව රජයට සහාය දීමට ඉන්දියාව සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:16

නව රජයට සහාය දීමට ඉන්දියාව සූදානම්

නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න පිළිබඳ තමන් අවධානයක් යොමු නොකරන බවයි ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍යවලට සඳහන් කර ඇත්තේ. දෙරටටම වැදගත් වන කරුණු හැර පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීමක් සිදු නොකරන බව ද ඉන්දීය රජය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියයි. මෙතෙක් දෙරට අතර පැවති ද්විපාර්ශ්වික සබඳතා මත පදනම්ව ඉදිරියටත් එම විදෙස් ප්‍රතිපත්තිය ශක්තිමත් කර ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ඉන්දීය රජය දෙරට අතර පවතින දිගුකාලීන මිතුදම කිසිවිටෙකත් පළුදු කරගන්නේ නැති බවයි එම ප්‍රකාශකයා ද සන්ඩේ මෝනින් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ. ඕනෑම රටක දේශපාලන ක්‍රියාවලිය තුළ විවිධ උච්ඡාවචනයන් සිදුවීම සාමාන්‍ය කරුණක් බව ද එහි සඳහන්. ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙන පාර්ශ්වය කුමක් ද යන්න වෙනුවට දෙරට අතර රාජ්‍ය මට්ටමින් සම්බන්ධතා තරකර ගැනීම තම අරමුණ බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීභාවය අඛණ්ඩව ස්ථාපිතව පවතිනු දැකීම තම අපේක්‍ෂාව බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ද සන්ඩේ මෝනින් පුවත්පතට සඳහන් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්