තිස්සමහාරාම ඇල්ලගල ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
තිස්සමහාරාම ඇල්ලගල ප්රදේශයේ නිවසකට ඊයේ රාත්රීයේ පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඉන් නිවෙස් හිමියාගේ රියදුරු බරපතළ තුවාල ලැබුවා. තිස්සමහාරාම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. සැකකරුවන් නිවෙස් හිමියාගේ බිරිදට සහ තවත් අයෙකුටද පහර දී තිබෙනවා.
මේ අතර වවුනියානව තාන්ඩිකුලම් ප්රදේශයේදී දුම්රියෙන් ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කොළඹ සිට යාපනය බලා ගමන් ගත් ශීඝ්රගාමි දුම්රියේ පාපුවරුවේ ගමන් ගනිමින් සිටි අතරතුරයි අනතුරට ලක් වුණේ. විසිඅට හැවිරිදි තරුණයා යාපනය චුන්නාගම් ප්රදේශයේ පදිංචිකරුවෙක්.