පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු මහඔය නුවරගලතැන්න ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මහඔය නුවරගලතැන්න රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු කැණීම් සිදු කරමින් සිටි බවයි පොලිසිය ප්රකෘශ කළේ. ඒ සදහා උපයෝගී කරගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගැණුනා. අත්අඩංගුවට ගත් සැකකරුවන් උහන සහ මහඔය ප්රදේශවල පදිංචිකරුවන් බව හෙළිව තිබෙනවා. ඔවුන් දෙහිඅත්තකන්ඩිය මහෙස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.