රටේ වත්මන් දේශපාලන තත්ත්වය බාධාවක් කර නොගෙන සංවර්ධන වැඩපිළිවෙළ නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සහ ආපදා කළමනාකරණ ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය පිළිබදව අද පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අවධානය යොමු කෙරුණා. එහිදී පොළොන්නරුව නාගරික වෙළෙද සංකීර්ණයේ ඉදිකිරීම්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කළා. මෙම රැස්වීමේදී ජනාධිපතිතුමා පැවසුවේ ලබන වසර පරිසර සංරක්ෂණ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරන බව බවයි. ඒ යටතේ දිවයින පුරා පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ තුළින් පරිසර සංරක්ෂණය සදහා පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළා. ඒ සදහා සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බවද ජනාධිපතිතුමා අවධාරණය කළා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජල සම්පාදන, මාර්ග සංවර්ධන, වාරිමාර්ග, ගොවිජන සේවා, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වනජීවී, ඉඩම් හා නිවාස ඇතුළු සියලු ක්ෂේත්රයන්හි සංවර්ධන කටයුතු සහ ඒවායේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළා. නියගයෙන් විනාශ වූ වගාවන් සදහා වන්දි ගෙවීමේ ක්‍රමවේදය පිළිබදවද ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් විමසා සිටියා. එසේ විනාශවූ කුඹුරු යළි වගා කිරීම සදහා බිත්තර වී නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා පැවසුවා.
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මරදන්කඩවල හබරණ තිරික්කොන්ඩියාමඩු මංතීරු හතරක මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමි වූ පවුල් 25 කට වන්දි ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/o3uGo6uD3t8″]