Life+News The Official News Portal of Independent Television Network Ltd

“LIFE IS BEAUTIFUL” විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම නොමිලේ (VIDEO)

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:17

“LIFE IS BEAUTIFUL” විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම නොමිලේ (VIDEO)

නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්, සිනමා රසවින්දනය පිළිබඳ උනන්දුවක් දක්වන විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් ඇතුළු තරුණ පරපුරේ අධ්‍යාපනය, දැනුම හා රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් ටවර් හෝල් රඟහල පදනම ප්‍රථම වරට සංවිධානය කරන ‘‘විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම‘‘ 2018 නොවැම්බර් මස 08 දින පස්වරු 2.00 ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත් වෙනවා.

මෙදින විශ්ව සම්භාවයට පත් ඉතාලි ජාතික සිනමාකරුවෙකු වූ Roberto Benigniවිසින් අධ්‍යක්ෂණය කළ ඔස්කාර්, ඇකඩමි ඇතුළු ජාත්‍යන්තර සම්මාන 22 ක් දිනාගත් LIFE IS BEAUTIFUL චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කරන අතර, චිත්‍රපටය පිළිබඳ විචාරක සංවාදයක් ද පැවැත්වීමට නියමිතයි
.
සිනමාව, නාට්‍ය හා රංගකලාව, සෞන්දර්ය පිළිබඳව උනන්දුවක් දක්වන සැමට මෙම වැඩසටහන විවෘත වන අතර, සෑම මසකම දෙවන සතියේ මෙම චිත්‍රපට රසවින්දන වැඩසටහන පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම පවසනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්