Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති මහින්ද කතරගම කිරිවෙහෙර සහ මහදේවාලය වැදපුදා ගනී.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:14

අගමැති මහින්ද කතරගම කිරිවෙහෙර සහ මහදේවාලය වැදපුදා ගනී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) පෙරවරුවේ කතරගම කිරිවෙහෙර හා මහදේවාලය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා. පළමුව කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමියන් වෙත අටපිරිකරක් පුජා කොට නාහිමියන්ගේ දුකසැප විමසමින් සුහඳ පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරුව කිරිවෙහෙර සෑරදුන් අභියසදි මල්,පහන්,ගිලන්පස බුද්ධ පුජාවකට එක්වුණා. පසුව කිරි වෙහෙර මළුවේ පිහිටි මහසෙන් දේවමාළිගයේ පිළිම වහන්සේ සුවඳ පැනින් දෝවනය කර සුදු මල්මාලාවක් පැළඳවනු ලැබුවා.

මෙහිදී ආගමික වතාවත් පවත්වනු ලැබුවේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද ,සිතුල්පවිව රාජමහාවිහාරාධිපති ශාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමිවරුන් පුමුඛ මහසඟරැවන විසිනි. ඉන්පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියසට ගොස් චිවරයක් පළදවා විශේෂ බෝධිපුජාවකට එක් වි ආශිර්වාද ලබාගත්තා.

පසුව මහදේවාලය ,ඝනදේවාලය ප්‍රමුඛ සෙසු දේවාලයන්ට ද පුජාවටිටි තබා පඩුරු ගැට ගසා ආශිර්වාද ලබාගත්තා. අවසානයේ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන් බැහැදැකීම සිදුවුණා.

මෙම අවස්ථාවට ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර,කතරගම පුාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහත්වරැන් පුමුඛ විශාල පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 16:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්