Life+News The Official News Portal of Independent Television Network Ltd

“ජල නිම්න හරිත අරණ”ව්‍යාපෘතිය ජනපති අතින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:30

“ජල නිම්න හරිත අරණ”ව්‍යාපෘතිය ජනපති අතින් ඇරඹේ

වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව ජල නිම්න හරිත අරණ රුක්රෝපණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ජල නිම්න හරිත අරණ  රුක්රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ ඓතිහාසික සෝමාවතිය පුදබිමේදීයි. සොබාදහම රැකගැනීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි වනරෝපා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ජල නිම්න හරිත අරණ රුක්රෝපණ ව්‍යාපෘතිය භූවිද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සංවිධාන කෙරුණා. ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ඓතිහාසික සෝමාවතිය පුදබිමේ නා පැළයක් රෝපණය කිරීමෙන්.

සෝමාවතිය පුදබිමේ ඉදිකළ තුන්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමීන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2018 11:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්