ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර අවසන් පුහුණු එක්දින ක්‍රිකට් තරගයක් අද (02) පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පුහුණු දෙදින ක්‍රිකට් තරගයක් කොළඹ සී සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ඊයේ (01) ආරම්භ කිරීමට සැළසුම්කර තිබුණා. එහෙත් වර්ෂාව හේතුවෙන් ඊයේ (01) දිනයේ තරගය පැවැත්වීමට හැකි වූයේ නැහැ. මේ අනුව එම පුහුණු තරගය එක්දින තරගයක් ලෙස පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ලබන 6 වනදා ආරම්භවීමට නියමිතයි.