Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රසන්නගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:40

ප‍්‍රසන්නගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරිමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ මන්ත‍්‍රිවරයා සහ ඔහුගේ බිරිද ඇතුලු තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී. ප‍්‍රසන්න රණතුංග මහතාට ලබන 5 වනදා සිට 11 වනදා දක්වා චීනයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයකට සහභාගීවීමට අවශ්‍ය බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අදාල කාලයට විදේශ ගතවී්මට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩුව ලබන ජනවාරි 17 වනදා කැදවීමටයි තීරණය කළේ. ප‍්‍රසන්ත රණතුංග මන්ත‍්‍රිවරයාට චෝදනා එල්ලවී ඇත්තේ බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍යවරයාව සිටියදී ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2018 11:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්