සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කළ පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
කොළඹ එන් සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. එහිදී ක්‍රීඩකයින් 3 දෙනෙකු අර්ධ ශතක වාර්තා කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියා. තරගයේ නිමාවන තුරුම නොදැවී ක්‍රීඩා කළ මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 59 ක් ඉනිමට එක් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ නායක ජෝයි රූට් ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියා. මොයින් අලී ලකුණු 60 ක් ලබා සිටියදී දැවී ගියා. තරගය නිමාවන විට එංගලන්ත කණ්ඩායමට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 365 ක් පමණයි.