Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව උසම ප්‍රතිමාව නිරාවරණය කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:38

ලොව උසම ප්‍රතිමාව නිරාවරණය කෙරේ

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේදී නිරාවරණය කෙරුණා.

ඉන්දීය රුපියල් බිලියන 29.9 ක මුදලක් වැයකරමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182 ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු මෙන්ම ඉන්දියාවේ මුල්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ සර්දාර් වල්ලබායි පටෙල්ගේ ප්‍රතිමාව මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරුණා. ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ලෝහ උපයෝගී කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙය දැඩි සුළඟට සහ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයක්. මාස 33 ක කාලයක් ප්‍රතිමාව ඉදිකිරීට ගතවී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්