Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිවියා ජූඩ්සන් දකින පෘතුවියේ ඉතිහාසය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 15:25

ඔලිවියා ජූඩ්සන් දකින පෘතුවියේ ඉතිහාසය

පෘතුවියේ ජීවය ඇතිවීම පිළිබඳ නව අදහස් රැසක් ජීව විද්‍යාඥවරියක හා ලේඛිකාවක වන ඔලිවියා ජූඞ්සන් විසින් දීර්ඝකාලීන අධ්‍යයනයකට පසු ලියූ පර්යේෂනාත්මක නිබන්ධයකින් ඉදිරිපත් කර තිබෙනවා. The Energy Expansions of Evolution යන සිරස්තලයෙන් ඇය මෙම නිබන්ධය ලියමින් පවසන්නේ පෘතුවියේ ජීවය සම්බන්ධ ඇති අදහස්වලට විරුද්ධ අදහසක් නොවේ. නමුත් ජීවයේ පරිණාමය සහ පෘතුවි පරිසරයේ පරිනාමය අතර ඇති සම්බන්ධය ඇයගේ අධ්‍යයනයේ ප‍්‍රධාන අවධානය බවට පත් ව තිබෙනවා.

 

මෙය මෙතෙක් ජීව විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් හෝ පරිසර විද්‍යාඥයන් විසින් අවධානය යොමු නොකළ අදහසක්. ඔලිවියා පවසන ආකාරයට මීට අවුරුදු බිලියන 3.8කට පෙර ජීවයේ බිහිවීමට මුල් වූ ‘ආදි සූපය’ මැදට වර්තමාන මානවයකු පැමිණියේ නම් ඔහුට ආහාරයට කිසිවක් එහි නොතිබෙනු ඇත. ශාක, සතුන් පමණක් නොව ස්වසනයට ඔක්සිජන් ද පරිසරයට එක් වූයේ පසුකාලීන ක‍්‍රියාදාමයක් තුළ ය. මිනිසාට සුදුසු ආහාර ආදී ජීවි පරිනාමයක් සිදුවන්නේ ද පාරිසරික වෙනස්කම් සිදුවන්නේ ද එම ආදි සූපය බිහිවී දීර්ඝකාලීන ක‍්‍රියාවලියකින් පසුව ය. මෙම ක‍්‍රියාදාමයට සම්බන්ධ ශක්ති ප‍්‍රභව මොනවාදැයි වටහාගත් විට එම ශක්ති ප‍්‍රභව ප්‍රමුඛ සාධක වූ යුග හඳුනාගන්නට පුලුවන්. ඇයට අනුව පෘතුවියේ ඉතිහාසය අධ්‍යයනයේ දී ජිවීන්ගේ පැවැත්මට මූලික වූ ශක්ති ප‍්‍රභවලගේ විකාශය අනුව යුග පහකට බෙදිය හැකි බවයි.

මුලින්ම පැවතියේ භූ රසායනික ශක්ති යුගය යි. වසර බිලියන 3.7කට පෙර එවක පැවැති ජීවින් ආහාරය ලෙස ගත්තේ මීතේන් හා හයිඩ‍්‍රජන් වැනි රසායනික අණු ය. එවක පෘතුවි පෘෂ්ඨය මත පැවති පරිසරය තුළ මේවා සුලභ විය. දෙවනුව, හිරු එළිය ශක්ති ප‍්‍රභවයක් ලෙස ජීවයට වැදගත් වූයේ එයිනුත් වසර මිලියන ගණනකට පසු හරිතප‍්‍රද වැනි සංස්ලේෂක ඒකක පරිනාම ක‍්‍රියාදාමයේ දී ජිවින් තුළ පැවත්මට ආ පසු ය. සයනො බැක්ටර් වැනි ජීවින් පරිසරයට ඔක්සිජන් මුදාහැරීම ආරම්භ කළ පසුව පෘතුවි වායුගෝලයේ ඔක්සිජන් හා ඕසෝන පැවතීම ස්ථාවර විය. ඒ සමඟම ඔක්සිජන සහිත පෘතුවි තලය මත ජෛව පරිනාමයේ නව තත්ත්වයක් උදා වූ බව පැහැදිලි වේ. මෙම වෙනස්කම් සිදුවන කාලය තුළ මුල් ශක්ති ප‍්‍රභවය වූ භූ රසායනික ශක්තින් ප‍්‍රයෝජනයට ගැනීම ද නතර වූයේ නැත. ජෛව පරිනාමයේ දී නව ශක්ති ප‍්‍රභේද භාවිතයට ගන්නා දියුනු ජීවි ප‍්‍රභේද පරිනාමය වුවද අනෙකුත් ශක්ති ප‍්‍රභේද මත යැපෙන ජිවින් ද පවතී.

 

තුන්වැනි යුගයේදී ඔක්සිජන් ශක්ති ප‍්‍රභවයක් වේ. එක් අතකින් ඔක්සිජන් විසින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීම නිසා එයට මුහුණ දී පැවැත්ම ආරක්ෂා කරගන්නට රසායනික ක‍්‍රියාවලි සහිත ජෛව පද්ධති පරිනාමය විය. මෙය ජීවින් සංකීර්ණත්වයෙන් වර්ධනය කළ යුගයක් විය. ඉන් පසුව, මස් ශක්ති ප‍්‍රභවය බවට පත්කරගත් ජීවින් පරිණාමය විය. ඇවිද යන සතුන් විශාල වහයෙන් සුලභ වීමෙන් එකිනෙකා මරාගෙන යැපෙන යුගය එසේ ආරම්භ විය. මානව පරිණාමය ආරම්භ වන්නේ එහි අතරමැද ක‍්‍රියාවලියක් ලෙසය. මිනිසා පරිණාම ක‍්‍රියාදාමයේ දී ගින්දර සොයා ගත් පසුව ගින්දර යුගය ආරම්භ විය.

 

මේ ආකාරයට මානවයා විසින් විවිධ ශක්ති ප‍්‍රභව භාවිතයට ගන්නා යුගය දක්වා පෘතුවිය මත ජෛව පරිනාමයට සම්බන්ධ යුග වර්ග කරමින් විස්තර සහිතව සිය අදහස් සටහන් කරමින් ඔලිවියා ජුඞ්සන් ලියූ දීර්ඝ නිබන්ධනය වෙනත් විවිධ මට්ටම්වල ස්වභාව විද්‍යාඥයන්ගේ හා විද්වතුන්ගේ මත හා කල්පිත වඩා තහවුරු කරන මට්ටමෙන් අවධානයට ලක් කර තිබෙනවා.

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 15:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්