Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉදිරියටත් ශ‍්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:11

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඉදිරියටත් ශ‍්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.

රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහාය ඇගයීමට ලක් කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2018 14:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්