ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අඛණ්ඩව පරික්ෂණ සිදුකරනවා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පරික්ෂණ කටයුතු අවසන් වූ වහාම ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් බලාපොරොත්තු වන බව අප කළ විමසිමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
මේ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය උඩුනුවර ගෙලිඔය පදිංචි රංගන පුෂ්පකුමාර රාජපක්ෂගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. වෙඩි තැබීමට සම්බන්ධ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකිරිමටයි අධිකරණය නියෝග කළේ.