ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර හමුව බොහෝ දුරට අද සිදුවිය හැකි බව කථානායක කාර්යාලය ප්රකාශ කළා.
ඊයේ පක්ෂ නායකයන් සමඟ පැවති නිල නොවන සාකච්ඡාවේදී හැකි ඉක්මණින් ජනාධිපතිතුමා සමඟ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් විසදුමකට එළඹෙන බවයි කරු ජයසූරිය මහතා ප්රකාශ කර තිබෙන්නේ. ඒ අනූව එම හමුව අද සිදුවිය හැකි බව අප කළ විමසීමකදී කථානායක කාර්යාල ප්රකාශකයකු සඳහන් කළා.