Life+News The Official News Portal of Independent Television Network Ltd

බොරලැස්ගමුව රිය අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය ඇපමත නිදහස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 16:05

බොරලැස්ගමුව රිය අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය ඇපමත නිදහස්

බොරලැස්ගමුවේදී පොලිස් නිලධාරියෙකු මරණයට පත්කරමින් රිය පැදවූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරිමට අධිකරණය නියෝග කළා. ඒ ඇය නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. පසුගිය සැප්තැම්බර් 30 වනදා අලුයම බොරලැස්ගමුව වික‍්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු මියගියා. ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනා තුවාල ලැබූ බවයි වාර්තා වුණේ. මෝටර් රථය පදවාතිබුණේ 39 හැවිරිදි වෛද්‍යවරියක් . ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන මේවන තෙක් රක්ෂිත බන්ධනාගාරගත තිබුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2018 16:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්