කරිස්මා කපූර් මෑතකදී අලුත් වැඩක් භාර ගත්තා. සිනමා රංගනයෙන් රසික රසිකාවියන් පිනවූ ඇය, දැන් සැරසෙන්නේ ගුවන් විදුලි ශ්‍රාවක පිරිස අතර ද තම ජනපි‍්‍රයත්වය රඳවා ගන්නටයි.නිවේදිකාවක ලෙස තම හැකියාවන් පෙන්වන්නටයි ඇය මේ උත්සාහ ගන්නේ.
ඉන්දියාවේ ජනපි‍්‍රය ගුවන් විදුලි චැනලයක් වන ‘බිග් එෆ්. එම්.’ ඔස්සේ විකාශය වන ‘බිග් මෙම්සාබ්’ නම් වූ සාකච්ඡාමය විචිත්‍රාංගයක් ඉදිරිපත් කිරීමේ කටයුත්ත කරිස්මා ඉතාම කැමැත්තෙන් භාර ගෙන තිබෙනවා. මේ අලුත් රංගනය කරිස්මාට සාර්ථකව ඉදිරිපත් කරන්න හැකි වේවි ද? “මම හිතන්නෙ මට පුළුවන් වේවි. මීට කලින් මම රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කළා….ඒ නිසා මේ ගුවන් විදුලි වැඩසටහනත් හොඳින් කරන්න පුළුවන් වේවි.” කරිස්මා උත්තර දුන්නා.
‘බිග් එෆ්. එම්.’ චැනලය අයත් වන රිලයන්ස් බ්‍රෝඩ්කාස්ට් නෙට්වර්ක් ආයතනයේ ප්‍රධාන විධායක තරුන් කාශල් පවසන්නේ, සතියේ දිනවල පෙ. ව. 11 සිට දහවල් 12 දක්වා විකාශය කෙරෙන මේ වැඩ සටහන විශේෂයෙන්ම සැකසෙන්නේ ජීවිතයේ තුන් වැනි දශකයෙහි අගභාගය සහ හතරවැනි දශකයෙහි මුල් භාගය ගත කරන කාන්තාවන් වෙනුවෙන් බවයි.
මේ වන විට 38 වැනි වියෙහි පසුවන කරිස්මාට මෙම ශ්‍රාවිකා පිරිස හොඳින් ග්‍රහණය කරගෙන සාර්ථකව වැඩ සටහන ඉදිරිපත් කළ හැකි වේයැයි ‘බිග් එෆ්. එම්.’ කාර්ය මණ්ඩලය විශ්වාස කරනවා.
“මම කවදත් උත්සාහ කළේ අලුත් දෙයක් කරන්නයි. ගුවන් විදුලි නිවේදිකාවක් වීමෙන් මම අලුත් අත්දැකීමක් ලබනවා. ඒක මට ලොකු සතුටක්. ඇඳුම් මෝස්තර සහ විවිධ විලාසිතා ගැන තමයි මම මේ වැඩසටහනෙන් කතා කරන්නේ….
පහුගිය කාලෙදි මගේ සිනමා රංගනයට වගේම රූපවාහිනී වැඩ සටහන්වලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘බිග් මෙම්සාබ්’ වැඩ සටහනටත් ඒ වගේ ප්‍රශංසා ලැබේවි….” කරිස්මා තම මුල්ම වැඩසටහන ඉදිරිපත් කළ දවසේ දී කියා සිටියා.
‘බිග් එෆ්. එම්.’ චැනලය මෙම වැඩ සටහන ඉදිරිපත් කරන්නට තෝරා ගත් තුන්වැනි තරුව කරිස්මායි. නමුත් කරිස්මා වැනි බොලිවුඩ් තරුවක් ඒ වෙනුවෙන් තෝරා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර ‘බිග් මෙම්සාබ්’ වැඩසටහන ඉදිරිපත් කළේ ඉන්දියාවේ ජනපි‍්‍රය මාධ්‍යවේදිනියක සහ තිර රචිකාවිකයක වන නීලෙශ් මිස්රා සහ ජනපි‍්‍රය සූපවේදියකු වන රාකේශ් සේති යි.
‘බිග් මෙම්සාබ්’ වැඩසටහන තුළින් ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට අර්ථවත් කරුණු ඉදිරිපත් කරන්නට හැකි බව බිග් එෆ්. එම්. කාර්ය මණ්ඩලයේ විශ්වාසයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Karisma_turns_R5829.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/Karishma-Kapoor-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/RJ-Rani-introduces-thier-newest-RJ-BIG-RJ-Karisma-Kapoor-1.jpg”]