ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දුන් පාරමී මාරිස්ටෙලා ක්රීඩිකාවට උපහාර පිදීමේ උත්සවයක් පැවැත්වුණා.
අලව්ව ප්රදේශයේ උත්සව ශාලාවකදියී උපහාර උළෙල පැවැත්වුණේ. එම ආයතනය මගින් පාරමී ක්රීඩිකාවට ආජන්ටිනාවේ පැවති තරගය සදහා සහභාගී වීමටද දායකත්වය ලබා දුන්නා. විශාල අභියෝග රැසක් ජයගනිමින් මව්බිම වෙනුවෙන් මෙම කිර්තිය අත්කර දිමට තමන්ට හැකි වූ බව පාරමී ක්රීඩිකාව මෙහිදී කියා සිටියේ. ඇයගේ දෙමව්පියන් සහ පුහුණුකරු ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වුණා.