බොලිවුඩ් සිනමාව දිනෙන් දිනට දියුණු වන කර්මාන්තයක් බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. මෙම හේතුවෙන් ඇතැම් චිත්රපට ඉන්දියානු සිනමාවට අලුත් හැරවුම් ලක්ෂයක් ද වී තිබෙනවා.
මෙවර ඉන්දියානු චිත්රපට කර්මාන්තය මගින් මෙම වසරේ දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානමින් සිටිනවා. ‘Thugs of Hindostan’ නම් වූ මෙම චිත්රපටය මුහුදු කොල්ලකරුවන් අශ්රිතව නිර්මාණය වන චිත්රපටයක්. බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්රපටයක් එළිදක්වන ප්රථම අවස්ථාවද මෙය බවයි සඳහන් වෙන්නේ. මෙහි ප්රධාන චරිත හැඩකරනු ලබන්නේ, අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනුයි.
‘Thugs of Hindostanහි අධ්යක්ෂණය Vijay Krishna Acharya වන අතර නිෂ්පාදනය Aditya Chopra විසිනි. ලබන මස 08 වැනි දින ප්රදර්ශනයට සූදානම් කර ඇති මෙම සිනමාපටය ලොව පුරා සිනමාලෝලීන්ගේ නොමද රසාස්වාදයට ලක්වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/zI-Pux4uaqM”]