ශ්රී ලංකා බංගලිදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පළමු එක්දින ක්රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ රංගිරි දඹුලු ජාතයන්තර ක්රිකට් ක්රීඩාංගනයේදීයි.
නිපුන් ධනංජය ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා. බංගලිදේශයට නායකත්වය ලබාදෙන්නේ ටවුහිඩ් හිද්යෝයි. එක්දින ක්රිකට් තරග පහක් තරගාවලියට ඇතුළත්. එම තරග නොවැම්බර් 1, 3 , 6 සහ 9 යන දිනවලදී පැවැත්වීමටයි සැළසුම් කර තිබෙන්නේ. කණ්ඩායම් දෙක අතර පැවති සිව් දින ක්රිකට් තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.