සමස්ත ඉන්දීය රසික ප්‍රජාවම උඩුගුවනට රැගෙන යාමට දමිළ අධ්යක්ෂ සෞන්දර් රාජන් සහ නිෂ්පාදක වී. හිතේෂ් ජබක් මේ වන විට සූදානම්. මෙය දකුණු ඉන්දීය සිනමා පටයක් වුවත් ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ සිනමා පටයයි.
ටික්: ටික්: ටික් නම් ප්‍රථම අභ්‍යවකාශ සිනමාපටයේ අන්තර්ගය ද එදා මෙදා තුර ඉන්දීය සිනමා සම්ප්‍රදායට පටහැනියි. මෙහි ප්‍රධාන තරු යුවළක් නැත. වීරයන් නැත. සහාය තරු නැත. සෑම චරිතයක්ම වැදගත්ය.
ටික්: ටික්: ටික් විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක අභ්‍යවකාශ සිනමාපටය බොහෝදුරට සමාන වන්නේ හොලිවුඩ් සිනමා පටයකයකට පමණයි. හොලිවුඩ් මට්ටමටම සිනමාපටය රැගෙන ඒමට විශාල වියදමක් දරා තිබෙන බවටයි වාර්කා වන්නේ.එමෙන්ම මෙතෙක් තිරයේ කිසිකලක නුදුටු අකාරයේ දුෂ්ටයකු ටික්:ටික්: ටික් සිනමාපටයේ දී දැකගන්න පුළුවන්.
ටික් ටික් ටික් අති සාර්ථක ලෙස නිම කිරීමට පරිගණක ග්රාෆිකත්,කලා අධ්යක්ෂ එස්. එස්. මූර්තිගේ හැකියාවත් ප්‍රබල ලෙස හේතු වූ බව අධ්‍යක්ෂකවරයා පවසනවා.
ඉන්දියාවේ පමණක් ප්‍රදර්ශනය ඇරඹූ මිනිත්තු 130ක් දීර්ඝ ප්‍රථම අභ්‍යවකාශ සිනමාපටය නැරඹිමට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී තිබෙනවා. එය අධ්යක්ෂ ශක්ති ඇතුළු සිනමා කණ්ඩායම ප්‍රේක්ෂකයන් සැබෑවටම ගුවන් ගතකරන රසාලිප්ත අත්දැකීම් වනු ඇති බව බොහො දෙනාගේ විශ්වාස කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U0hdQHEkXaU”]