ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩබලන සභාපතිවරයා ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද වැඩ භාරගත්තා.
දෙස් විදෙස් සම්මානලාභී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සෝමරත්න දිසානායක මහතා වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලය හරසරින් පිළිගත්තා.
ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ සෝමරත්න දිසානායක මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශ්රාස්ත්රපති උපාධිය ලැබුවා. පසුව නිර්මාණකරණයට එක්වූ ඔහු අතින් නිර්මාණය වූ සෑම චිත්‍රපටයක්ම පාහේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා පමණක් නොව දෙස් විදෙස් සම්මානයන්ට ද පාත්‍ර වුණා. සරිගම, සිරිපැකුම්, සූරියඅරණ, සිරි රජ සිරි, සරෝජා ආදී චිත්‍රපට ඒ අතර වනවා. සිය නිර්මාණ ඔස්සේ නවක නිර්මාණකරුවන් ක්ෂේත්රයට හදුන්වාදීමට ද සෝමරත්න දිසානායක මහතාගෙන් ඉටු වූ මෙහෙවර ඉමහත්.
ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ජනාධිපති උපදේශකවරයෙකු ද වනවා. ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ස්වාධීන රූපවාහිනි මධ්‍ය ජාලයේ නව සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සේවකයන් හමුවේ කියා සිටියේ දේශපාලන භේදයකින් තොරව ආයතනයේ දියුණුව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවයි.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුලු කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට එක්වුණා.