Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ගමනක් වෙනුවෙන් අගමැති වැඩ භාරගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 12:18

නව ගමනක් වෙනුවෙන් අගමැති වැඩ භාරගනී

නව අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් සිය රාජකාරී කටයුතු අද (2018-10-29) පෙරවරුවේ ආරම්භ කළා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ ශ්‍රී ලංකාවේ 22 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාට රැස්ව සිටි පිරිසගෙන් හිමි වුයේ උණුසුම් ප්‍රතිචාරයක්.

අනතුරුව මහාසංඝයා  වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාදය පළ කළා. පිරිස පංච ශීලයෙහි  පිහිටුවමින් ආගමික වතාවත්  සිදු කෙළ් අභයාරාමාධිපති  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්යි.  මහා සංඝයා වහන්සේගේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.

ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස  ස්වාමීන්වහස්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වු අතර අනතුරුව හින්දු  , ඉස්ලාම් සහ කතෝලික ආගමික ප්‍රසාදීන් වහන්සේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මෙහිදී ආශිර්වාද පළ කළා.

විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2018 12:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්