පළාත් සභා මැතිවරණය කඩිනමින් – ජනපති පවසයි
Related Articles
මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර නව රජය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ තිස්සමහාරාමයේ පැවති ජාතික වප්මඟුල් උත්සව සභාව අමතමින්.
ජාතික වප්මඟුල් උළෙල තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්යායේ දී අද පෙරවරුවේ ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහකන්නයේ වගාකටයුතු ආරම්භ කෙරෙන මෙවර ජාතික වප්මඟුල් උළෙලට සහභාගී වීම සදහා පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.
වප්මගුල් සීසෑමේ කටයුතු ජනාධිපතිතුමා ආරම්භ කළේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයයේයි. එහිදී සර්ව ආගමික වතාවත් ද සිදු කෙරුණා.
එම කටයුතුවලින් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ මිරිස් ආනයනයට පමණක් රුපියල් මිලියන දහතුන් දහසක් වැය කර ඇති බවයි.
අනතුරුව ජනාධිපතිතුමා විසින් ගොවීන් වෙත බීජ සහ පැළ බෙදාදීම ද සිදුකළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment