ඉන්දුනීසියා මගී ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා. ලයන් එයාර් බෝයිං 737 මගී ගුවන් යානයයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් පිටත් වූ මෙම ගුවන්යානය මුහුද හරහා ගමන්කරන විට එය පාලන බලයෙන් ගිලිහීයා ගොස් මුහුදට වැටී තිබෙන බවටයි මේ වන වාර්තා වෙන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ යානය තුළ මගීන් 188ක් පමණ සංඛ්‍යාවක් ගමන් කර ඇති බවටයි ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ. අනතුරට හේතුව ද මෙතෙක් හෙළිව නැහැ.