ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයට පත්කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අතින් රොහාන් වැලිවිට මහතා නව ධූරයට අදාළ පත්වීම් ලිපිය ලබාගත්තා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ධීවර අමාත්‍යවරයා ලෙස සහ විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන අවස්ථාවල දී මෙන්ම මීට පෙර අග්‍රාමාත්‍ය ධූරය දැරූ අවස්ථාවේ දී ත් මාධ්‍ය ලෙක්ම් ධූරය දැරුවේ වැලිවිට මහතා යි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරය දරන කාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස වැලිවිට මහතා කටයුතු කළා.