Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබාගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 11:05

අගමැති දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබාගනී

තමන් කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරමින් අර්බුදයට පත්ව ඇති රට නිවැරදි මාවතට යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස තමන්ට කළ ආරාධනය පිළිගත්තේ රට වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටි නිසා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අස්ගිරි , මල්වතු මහනායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. අග්‍රාමාත්‍යවරයා දැකබලා ගැනීමට අති විශාල පිරිසක් දළදා මාලිග පරිශ්‍රය වෙත රැස්ව සිටියා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා. ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඥානරතන ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා.

පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ඇති බවත් එවැනි බලයක් නොමැතිව මෙවැනි තීන්දුවක් නොගන්නා බවත් අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ හමුවේ අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. ජනාධිපතිතුමා තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව බවයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍යවරයෙකු ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බව ද රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා මෙම බරපතල තීන්දුව ගත්තේ පැහැදිලි අවබෝධයකින් හා වගකීමකින් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග දෙපාර්ශ්වය අතර ඇති ගිවිසුම අවලංගු වී යන බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය ද අහෝසි වන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත්ව සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් තමන් අගමැති බව පවසමින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියාසිටියේ. කෙහෙළිය රඹුක්වැල්ල , මහින්දානන්ද අලුත්ගමගේ , පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව  සිටියා.

මල්වතු විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ එම පාර්ශ්වයේ ස්වාමීන්වහන්සේ බැහැ දුටුවා. උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා.

පේරාදෙණිය , ගැටඹේ රාජෝපවනාරාමය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමීන්වහන්සේ බැහැ දුටුවේ ඉන් අනතුරුවයි.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැක බලා ගැනීමට මෙන්ම සුබ පැතීමට ද විශාල පිරිසක් විහාරස්ථාන භූමියට රැස්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 11:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්