Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 09:20

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස් බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුදෙව් ජාතික පිරිසක් ළදරුවෙකුට නම් තැබීමේ උත්සවයක් සදහා ආගමික ස්ථානයකට රැස්ව සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ. සිද්ධියෙන් පුද්ගලයින් 6 දනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බෝවස් නම් පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහු යුදෙව් විරෝධී අයෙකු බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඇමෙරිකාවේ මෑත කාලීන ඉතිහාසයේ යුදෙව් ජාතිකයින්ට එරෙහිව සිදුකළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2018 09:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්