ශ්‍රී ලංකාව සමඟ පැවති 20-20 තරගය ලකුණු 30කින් ජයග්‍රහණය කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනූව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුළු අටක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 187ක්. ජේසන් රෝයි ලකුණු 69ක් ලබාගැනිමට සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ අමිල අපෝන්සු කඩුළු දෙක බැගින් ලබා ගත්තා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 157ක්. තිසර පෙරේරා ලකුණු 57යි.