Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 09:00

නව අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින්.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කි‍්‍රයාකළ බව දන්වමින් ද ජනාධිපති ලේකම්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීම් බලධරයා වශයෙන් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බව දැනුම් දෙමින්.

මේ අතර තමා සතු බලතල අනුව අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපතිතුමා රනිල් වික‍්‍රමසිංහ මහතාට ලිඛිතව ද දැනුම් දී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට සහ අභයාරාම විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබාගත්තා. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ වනවිට නව රජයට සහය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ තම සහය ලබාදෙන බව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2018 09:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්