Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමිවරුන් දෙදෙනෙකුට වරෙන්තු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 15:18

හිමිවරුන් දෙදෙනෙකුට වරෙන්තු

අන්තර් විශ්ව ශිෂ්‍යබල මණ්ඩලයේ සාමාජිකයින් වන මඩුගල්ලේ බුද්ධරක්ඛිත,රත්කරව්වේ ජිනරතනයන හිමිවරුන් දෙදෙනාට සහ සත්සර යන අයට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (26) වරෙන්තු නිකුත් කළා. ඒ 2015 වසරේ පැවැත්වූ උද්ඝෝෂණයේදී මංමාවත් පනත උල්ලංඝනය කරමින් අධිකරණය නිකුත් කළ නියෝග නොතකා ක්‍රියා කිරීම සම්බන්ධ නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

රත්කරව්වේ ජිනරතන හිමියන් වෙනුවෙන් ඇප වූ ස්වාමින්වහන්සේටද වරෙන්තුවක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අනෙක් ඇපකරුවන් දෙදෙනාට නොතිසි නිකුත් කරන ලෙසට නියෝග
කළා.

මෙම සිසුන් විශ්ව විද්‍යාලයේ නායකයින් යැයි කියා ගන්නා අයගේ බලපෑම් වලට ඔවුන් මේ උද්ඝෝෂණ වලට සහභාගී වී ඇති බවට විත්තියේ නිතිඥවරයා අධීකරණයට පෙන්වා දුන්නා.

එසේම ඔවුන් මෙවන් කටයුතු සඳහා ස්වවේඡාවෙන් නොපැමි‍ණෙන බවත් මෙවැනි ක්‍රියා වලට නොපැමිණීයහොත් ඔවුන්ට විශ්ව විද්‍යාලය තුළ වෙනත් බලපෑම් වලට යටත් වීමට සිදුවනු ඇති බවත් විත්තියේ නිතිඥවරයා කියාසිටියා.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් විත්තිකාර සිසුන්ගේ දෙමාපියන්ද මහත් කම්පනයට පත්ව ඇති බවත් ඉගෙන ගන්නා දරුවන් නොමඟ යවා වාසි ගන්නේ නායකයින් බව පෙන්වමින් විශ්ව
විද්‍යාල වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අයවලුන් මේ දරුවන් මෙවැනි කටයුතු සඳහා පොළඹවා ඇති බවද පෙන්වා දුන්නා.

පළමු වරට සිදුකළ මෙම ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය මේ සිද්ධියට අදාළව නිතිපතිවරයාට උදෘත ඉදිරිපත් කිරිමට අවසන් වශයෙන් මාසයක කාලයක් ලබාදෙන බව කොටුව පොලිසියට කියා සිටියා.

සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බරි මස 30 වනදා විභාගයට කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2018 15:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්