පහුගිය සැප්තැම්බර් මාසයේ බ්‍රසීලයේ රියෝ කෞතුකාගාරය ගින්නෙන් විනාශ වුණ බව ඔබ දන්නවා.
මේ ගින්නට මිළ කළ නොහැකි පෞරාණික භාණ්ඩ රැසක් බිලි වුණා.
ඒ අතර අවුරුදු 12,000ක් පැරණි ලුසියා නම් නියෝලිතික කාන්තාවගේ ෆොසිලය ද වනවා.
ගින්නෙන් විනාශ වූ බවට අනුමාන කළත් මේ ෆොසිලයට අයත් කොටස්වලින් 80%ක් සොයා ගැනීමට බ්‍රසීල පුරා විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා.
පහුගිය 19 වැනිදා සොයා ගත් මේ ෆොසිල කොටස් අනුව නැවතත් එය ගොඩ නැගිය හැකි බව ඔවුන් පවසනවා.
මේ විදියට හමුවුණ ෆොසිල කොටස් ආරක්ෂිත ලෝහ පෙට්ටියක තැන්පත් කර තිබෙනවා.
ඒ මින් පසුව හටගන්නා ගින්නකින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්.
මෙම ෆොසිලය රියෝ නගරයට උතුරින් පිහිටි මයිනස් ජෙරයිස් ප්‍රදේශයේ ගුහාවකින් ප්‍රංශ ජාතික ඇනෙටේ ලැමින්ග් එම්පරරේ විසින් සොයා ගත්තේ 1970දීයි.
ඉන් පසුව සිදු කරන ලද කාබන් පරික්ෂණයකින් මෙය 20 හැවිරිදි කාන්තාවකගේ ෆොසිලයක් බව අනාවරණය වුණා.
මීටර 1.5ක පරිමාණයකින් යුත් මෙය වසර මිලියන 3.2ට පෙර විසූ ලුසී නම් මානව වර්ගය ඇසුරින් ලුසියා ලෙස නම් කර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/260px-Luzia.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/dc-Cover-72d7nbn0mdntf9bd2leh9laje0-20180904085345.Medi_.jpeg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/BBOCjsB.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/BBNNkdi.jpg”]