ශ්‍රී ලංකා එංගලන්ත පස්වන එක්දින ක්‍රිකට් තරඟය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගය අද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක බවයි ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම සඳහන් කළේ.දෙරට අතර පළමු පන්දු වාර 20 තරගය පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදායි.ටෙස්ට් ක්‍රිකට් තරග තුනක්ද පැවැත්වෙනවා. ඒ නොවැම්බර් 6, නොවැම්බර් 14 සහ 23 යන දිනවලදීයි.