ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ශාව හේතුවෙන් අතහැර දැමුණා. දෙවන, තුන්වන හා හතරවන එක්දින තරග ජය ගත්තේ එංගලන්තයයි. මේ අනුව තරගාවලි ජයද ඔවුන් හිමිකර ගත්තා. දෙරට අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිතයි. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන්විදුලි විකාශය ගෙන එන්නේ අයිටීඑන් එෆ් එම්.
නිරෝෂන් දික්වැල්ල – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක,
[ot-video type=”youtube” url=”https://youtu.be/wMVm3MnpKXk”]
දෙරට අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන මස 06 වැනිදා පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ශ්‍රී ලංකා දගපන්දු යැවීමේ ක්‍රීඩක රංගන හේරත් තීරණය කර තිබෙනවා. 1999 වසරේදී ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයකදී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 92 කට ක්‍රීඩා කර කඩුලු 430 ක් දවාගෙන සිටිනවා. 40 වන වියේ පසුවන රංගන ලොව හොදම වමත් දඟපන්දු යවන්නා ලෙසයි සැලකෙන්නේ.