යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී කාන්තා බාධා දිවිමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කොළඹින් නිවසක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
හලාවත ඉරණවිල ඇය දැනට පදිංචි නිවස දින 10කින් අළුත්වැඩියා කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පුත්තලම නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ. ඒ අද පෙරවරුවේ අමාත්‍යවරයා පාරමීගේ නිවසට පැමිණි අවස්ථාවේ. ඇය ලබා ඇති පදක්කම් සුරක්ෂිත කිරිම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසද නිලධාරින්ට උපදෙස් ලබාදි තිබෙනවා.