ශ්‍රී ලංකාව සමග පැවති හතරවන එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයග්‍රහණයක් එංගලන්තයට හිමිවුණා.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තා. සිය හත්වන එක්දින අර්ධ ශතකය රැස් කළ දික්වැල්ල දැවී ගියේ ලකුණු පනස් දෙකක් ලබා සිටියදීයි. දසුන් ශානක සිය දෙවන එක්දින අර්ධ ශතකය වාර්තාකරමින් ලකුණු 66 ක් ඉණිමට එක්කළා. තිසර පෙරේරා ලකුණු 44 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සංචාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ලවුණා. ඒ වන විට ඔවුන් ජයග්‍රහනය සදහා තවත් ලකුණු 142 ක් ලබාගත යුතුව තිබුණා. පැවති වර්ෂාව හේතුවෙන් තරගය යලි ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිවුණා.