ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය හ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල්කරණය කර ජාලගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙම ජාල ගතකිරීමේ ව්‍යාපෘති වාර්තාව ලබාදීමේ අවස්ථාවේදීයි .
ITERON නමැති ජාත්‍යන්තර සමාගමේ නියෝජිත කණ්ඩායමක් [ 18 ]දින ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී රාජ්‍ය අමාත්‍යතුමා වෙත මෙම ව්‍යාපෘති වාර්තාව නිල වශයෙන් භාර දුන්නා.
මෙම ජාල ගත කිරීම සහ ඩිජිටල් කරණයට අදාළ සමීක්ෂණය සහ දත්ත රැස්කිරීම මිට මාස 06 කට පෙර සිටම ITERON නමැති ජාත්‍යන්තර ආයතනය විසින් ආරම්භ කර තිබුණා.
එලෙස ලබාගත් තොරතුරු ආශ්රයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කරමින් ජාල ගත කිරීමට අදාළ ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබෙනවා.