Life+News The Official News Portal of Independent Television Network Ltd

අගුණකොළපැලැස්සේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:49

අගුණකොළපැලැස්සේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක්

අගුණකොළපැළැස්සේ මුලන ප්‍රදේශයේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

මෙම අඹ වගා කලාපය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගා කලාප සංවර්ධන වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කෙරෙන අතර, ගොවීන් 200ක් විසින් එම වගාව සඳහා යොදා ගැනෙනවා. වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය පැළ 7000ක්.

මුලන TEJC අඹ වගා සංවර්ධන කලාපයේ වගා කටයුතු සඳහා TEJC අඹ පැළ බෙදාදීම අද(20) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුකෙරුණා. කෘෂීකර්ම අමාත්‍යාංශය විසින් අරඹන ලද වගා කලාපවල වගා කෙරෙන සමස්ත අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව ඇති බැවින් ගොවීන් හට තම අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටළුවක් පැන නොනඟී.

ඒ අනුව මුලන අඹ වගා සංවර්ධන කලාපයේ වගා කෙරෙන TEJC අඹ අස්වැන්න මිලදී ගැනීමට ගිවිසුම්ගත වීම ද ඔක්තෝම්බර් 20 දින සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 10:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්