පකිස්තානයට බරපතල ගැටලුවක් වී ඇති වායු දූෂණය හේතුවෙන් දින 70ක කාලයක් එරට සාම්ප්රදායික ගඩොල් පිළිස්සීමේ පෝරණුවල වැඩකටයුතු නවතා දමන ලෙස රජය නියෝග කර තිබෙනවා.
පකිස්ථානයේ පන්ජාබ් ප්රාන්තය ඇතුළු ප්රාන්ත රැසක වායු දූෂණය වාර්තා සහගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් හෙට (20) සිට දෙසැම්බර් 31 වනදා දක්වා ගඩොල් පෝරණුවල වැඩකටයුතු නවතා දමන ලෙසටයි උපදෙස් දී ඇත්තේ. සාම්ප්රදායික පෝරණු වෙනුවට නව තාක්ෂණය යොදා ගනිමින් සැලසුම් කරන පෝරණු, ගඩොල් පිළිස්සීම සදහා යොදා ගන්නා ලෙස ගඩොල් නිශ්පාදන කරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එවැනි ගඩොල් පෝරණු නිර්මාණය කිරීමට ඇමෙරිකා ඩොලර් පහලොස් දහසත්, විසි දහසත් අතර මුදලක් වැය වනවා. මේ හේතුවෙන් දහස් ගණනක් කම්කරුවන්ට සිය රැකියා අහිමිවනු ඇති. පාකිස්ථානයේ මෙවැනි සාම්ප්රදායික ගඩොල් පෝරණු දහනව දහසක් පමණ තිබෙනවා. පාකිස්ථාන කාලගුණ විපර්යාසයන්ට විසදුම් සෙවීමේ වැඩසටහන යටතේයි නව ආණ්ඩුව මෙය ක්රියාත්මක කර ඇත්තේ.