හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම අද(19) සිදු කෙරුණා. ඒ කොළඹ මහාධිකරණයේදීයි.
රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමකින් යුත් දේපළ සහ මුදල් අයථා අන්දමින් ඉපැයූ බවටයි රෝහිත අබේගුණවර්ධන මහතාට චෝදනා එල්ලවී ඇත්තේ. අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙනවා. අල්ලස් කොමිසන් සභාවේ කොමිසන් නිලධාරියෙකු අද (19) දිනයේදී සාක්ෂි ලබා දුන්නා. වැඩිදුර විභාගය දෙසැම්බර් 11 වනදාට කල්තැබුණා.