මන්නාරම තල්අඩි ප්‍රදේශයේ ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්නයේ වළදමා තිබූ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි එම ස්ථානය පරීක්ෂා කර තිබෙන්නෙ. කොටි සංවිධානයට අයත් කාලතුවක්කු උණ්ඩ හතරක්, මෝටාර් උණ්ඩයක්, අත් බෝම්බයක් සහ එල් ටී ටී ඊ සංවිධානය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ඒ අතර තිබු බවයි පොලීසිය සදහන් කළේ.