කෝට්ටේ මහ නගර සභා බලප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයකට පැය 17 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කළා. ඒ අද(19) දහවල් 12.00 සිට හෙට (20) අලුයම 5.00 දක්වා. අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සපයන ප්රධාන නල මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් ඊට හේතුවී තිබෙනවා. මීට අමතරව මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්රදේශ මෙන්ම කොළඹ 06 ප්රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවයි මණ්ඩලය සදහන් කළේ.