පාර්ලිමේන්තුව තුල ආහාරපාන සැපයිමේ දී උපරිම අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව වත්මන් කථානායකතුමන් ස්වකීය ධූරයට පත් වූ විගසින්ම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ලැබුවා. මෙම පියවර හේතුවෙන් ඒ වනවිට පැවැති වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට ද හැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය දිනක ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව දක්වා ඇති අදහස් සැලකිල්ලට ගෙන යලිත් වරක් පාර්ලිමේන්තුවේ ආහාරපාන සැපයීමේ ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කිරීමට ගරු කථානායකතුමන් අදාල නිළධාරීන්ට උපදෙස් දුන් බව කථානයක මාධ්‍ය අංශය නිවේදනය කරනවා.