ලබන සතියේ සෞදියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවට තමන් සහභාගී වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී කි‍්‍රස්ටීනා ලගාද් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගී ඝාතන කළේ යැයි සෞදියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව හා ඒ නිසා මෙම සමුළුවට සහභාගී නොවන බව ඇය පසුගියදා කියා සිටියා.
” මෙතන මානව හිමිකම් උල්ලංඝනය වීමක් වගේම මාධ්‍ය නිදහස අහිමි වීමක් සිදුවී තිබෙන බව හොඳටම පැහැදිලියි. ඒත් එය ඔප්පු කිරීමට හැකියාවක් නැතත් බරපතල චෝදනා සෞදියට එල්ල වෙනවා. ඒවා ඇසීමෙන් මා කම්පනයට පත්වුණා. ඒත් මගේ පෞද්ගලික තීරණය අනුව කටයුතු කරන්න මට බැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු වෙනුවෙන් මම සහභාගී විය යුතුයි.” මාධ්‍ය හමුවකදී ක්‍රිස්ටිනා ලගාර්ඩ් කිව්වේ එහෙම දෙයක්.