රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් උස්බෙකිස්ථානයේ සංචාරයක් සැලසුම්කර තිබෙනවා. දින දෙකක් එරට රැදී සිටින රුසියා ජනාධිපතිවරයා උස්බෙකිස්ථාන ජනාධිපති සමග විශේෂ සාකච්ඡාවකට එක්වීමටයි නියමිත. දෙරට අතර නව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කරන බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. බලශක්තිය සහ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරිම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.