නීති විරෝධි ලෙස ස්වර්ණාභරණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබූ රත්‍රං තොගයේ බර කිලෝ ග්‍රෑම් එකයි ගු්රෑම් 390ක්. වටිනාකම රුපියල් ලක්ෂ 76 ඉක්ම වනවා. සිංගප්පූරුවේ සිට පැමිණි ඔහු නෝර්විජියානු ජාතිකයෙකු බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කරන්නේ. එභෙත් සැකකරු මීට පෙර ශ්‍රී ලාංකිකයකු බවට ද තොරතුරු හෙළි වුණා. මත්ද්‍රව්‍ය අසුරණයක සඟවා මෙම රත්‍රං තොගය රැගෙනවිත් තිබෙනවා. ගුවන් තොටුපල රේගුවයි සිද්ධිය පිළබඳ පරික්ෂණ සිදුකරන්නේ.