යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාවට පළමු මලල ක්රීඩා පදක්කම පාරමීගෙන්
Related Articles
යොවුන් ඔලිම්පික් ක්රීඩා උළලේදී පළමු කේවල පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති ක්රීඩිකාව සමත් වුණා. ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 බාධක දිවීම කාන්තා තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති ක්රීඩිකාව සමත් වුණා. එහිදී ඇය තරගය නිම කිරීමට ගත කළ කාලය විනාඩි 6 යි තත්ත්පර 33 යි දශම බිංදුවයි හයක්. එය ඇයගේ පෞද්ගලික හොදම කාලයයි.
මෙම ක්රීඩිකාව තරගාවලියට එක්වීමට පෙර ITN ප්රවෘත්ති අංශය ශ්රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි ක්රීඩිකාවක් ලෙස ඇය රට හමුවේ අනාවරණය කළා. ඇය ලබා ගත් මෙම පදක්කම ඉතිහාසයට එක්වන්නේ ශ්රී ලංකාව කේවළ ඉසව්වකින් යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලකදී ලබා ගත් පළමු පදක්කම ලෙසයි. මෙම තරගාවලියේදීම බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හසිනි අම්බලන්ගොඩ ක්රීඩිකාව සමත් වුණා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment